අපි හැමෝටම නිවසක් තියෙනවා. බොහෝ විට එය තම නිවසද, සමහර විටක එය තාවකාලික නිවසක්ද වෙන්න පු`ඵවන්. අපි හැමෝටම අපේම කියලා නිවසක සිහිනයක් තියෙනවා. මම මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ සිහිනය සැබෑ කරගන්න රුකුලක් දෙන්න. ඔබට නිවැරදි පාර කියාදෙන්න.

මිනිසාගේ මූලික අවශ්‍යතා අතර නිවාස එහෙමත් නැත්නම් වාසස්ථාන ස`දහා ලොකු ඉඩක් ගන්න හීනයක් අපි හැමෝම ළ`ග තියෙනවා. ”මං ලොකු වුනාම මේ වගේ ගෙයක් හදනවා.” කියලා හිතේ පුංචි කාලේ ඉදන් හිත්වල හිරවෙලා තියෙනවා. අපි සමාජය එක්ක ලොකු වෙද්දි ඒ හීනෙට තව තව පාට ”හැඩතල අපිම එකතු කරගන්නවා. ”මට ඔනේ තට්ටු 2 නවීන නිවසක්, Box design එකක්. roof ගොඩක් තියන නිවසක්. මැද මිදුුලක් සහිත නිවසක් ආදි විවිධ සිතුවිලි හා නිගමන වලට අපි අපේ සිත අරං එනවා. එහෙම නේද?

මං කැමති පිළිවෙලට ඔබට මේ පාර කියන්න, මඟ නොවැරදි යන්න. ඒ නිසා මුලින්ම ඔබේ හිතේ ඉදිකරන්න අවශ්‍ය ඉඩම ගැන මං කථා කරන්න කැමිතියි, මොකද මගේ හිතේ නිවහනේ මූලික අඩිතාලම පටන්ගන්නේ එතනින් නිසා.

 

ඉඩම

අපි ඉඩමක් මිලදී ගැනීමේ දී, ගේ තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු සාමාන්‍ය කරුණු  කිහිපයක් තියෙනවා. මුලින් ඒ ගැන යම් ස`දහනක් කරන්න කැමතියි. සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔබේ අතේ ඇති මුදල ඔබට හිතගිය ඉඩමක් තෝරා ගැනීමයි. ඉන්පසු ඔප්පු වල නිවැරදිභාවය නීත්‍යානුකූල ආකාරයෙන් තහවුරු කරගෙන ඉඩම මිලදී ගැනීමයි. ඒ අනුව අපේ අවශ්‍යතාව මත, ඉඩමේ පිහිටීම, ප‍්‍රමාණය, ප‍්‍රධාන මාර්ගයට දුර, ජලය, විදුලිය, ආසන්න පාසැල්, ප‍්‍රධාන රජයේ ආයතන, මාර්ග පහසුකම්, ගමනාගමන පහසුකම් වැනි පොදු කාරනා ගැන අපි හැමෝම සැලකිලිමත් වෙනවා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කථාකරන්න යන්නේ නැහැ.

මම වැඩි අවධානයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි අවධානයක් නොදෙන එහෙත් ඉදිකිරීමකට ඉඩමක් ගැනීමේ දී අපිට වැදගත් වන අපි නොදන්න මූලික කරුණු කිහිපයක් ගැනයි.


ඉඩමේ ප‍්‍රමාණය

දැනට පවතින නීතියට අනුව ඉඩමේ අවම ප‍්‍රමාණය පර්චස් 06 වේ. කොළඹින් පිට ප‍්‍රදේශ වලදී මෙය පර්චස් 10 වේ. එය බොහෝ  විට නල ජලය නොමැති ප‍්‍රදේශ වල ළි`දක් කැපීමේ අවශ්‍යතාවය මත සිදුවේ. ඊට අමතරව විශේෂිත අවස්ථාවකදී පමණක් මෙහි යම් වෙනසක් සිදු විය හැක.

 

ඉඩ‌ම් හැඩය

දැනට පවතින නීතියට අනුව ඉඩමේ අවම ප‍්‍රමාණය පර්චස් 06 වේ. කොළඹින් පිට ප‍්‍රදේශ වලදී මෙය පර්චස් 10 වේ. එය බොහෝ  විට නල ජලය නොමැති ප‍්‍රදේශ වල ළිඳක් කැපීමේ අවශ්‍යතාවය මත සිදුවේ. ඊට අමතරව විශේෂිත අවස්ථාවකදී පමණක් මෙහි යම් වෙනසක් සිදු විය හැක.

සමාජයේ බොහෝ දෙනාගේ අදහසක් තමයි හතරැස් ඉඩම වඩා සුුදුසුයි යන්න. එහෙත් එහි යම් අවාසියක් ඇත. යම් ඉදිකිරීමක් සිදු කිරීමේ දී අප පාරට මුහුණලා ඇති  පැත්තට විරුද්ධ දිශාව (ඉඩමේ පිටුපස) ඉඩ ප‍්‍රමාණයක් ඉතිරි කිරීමක් කල යුතුය. එම ප‍්‍රමාණය වැඩි වූ විට ඉදිකිරීමට ප‍්‍රයෝජන ගත හැකි ඉඩ නාස්ති වේ.

 

පිටුපස අවකාශ

තට්ටු 2 – 10′ -0″

තනි තට්ටුව    – 7′ -6″

විශේෂිත ප‍්‍රදේශවල පමණක් කඩුවෙල, මහරගම, දෙහිවල, හෝමාගම තට්ටු 2 සඳහා ද 7′ -6” අවසර ඇත.

 

ප්‍රවේශය ලබන පාරේ පළල

පාරේ පළල මත අපට ඉදිකල හැකි ගොඩනැගිල්ලේ තට්ටු සංඛ්‍යාවද, ඒකක (Unit) සංඛ්‍යාවද රදා පවතී.

10′ -0″/ 12′ -0″ පාරවල් සඳහා අපට යා හැකි තට්ටු ගණන 2 කි. ඔබ තට්ටු 3 නිවසක් තැනීමට බලපොරොත්තු වේ නම් අවම 15. -0, පාරක් සහිත ඉඩමක් මිලදී ගත යුතුය.

  1. -0”/ 12. -0, 15.-0, සඳහා Unit 2 යි. Unit 3 හෝ 4 ගැනීමට පාර 20′ -0″විය යුතුයි.

 

ගොඩනැගිලි රේඛා/ විදී රේඛා

මෙය ඉඩම පවතින ප‍්‍රදේශය අනුව එම ප‍්‍රවේශ මාර්ගයේ ස්භාවය අනුව වෙනස් වේ. එය පාර මැද සිට තැබිය යුතු දුර සීමාවක් වේ. එය 10′ -0″,15′-0″, 20’0″, 25′- 0″ , 30′-0″ යනාදිය වේ.  (හයිලෙවල් පාර 70” – 0, දුර වේ.  කොළඹ අවට) මෙම දුර සීමාව තුල කිසිඳු ඉදිකිරීමක් කිරීමට හෝ වාහන නවතා තැබීමට පවා අපට අවකාශ නොලැබේ. මෙය ඉඩමේ මායිම් සිට 3. 0”, 5. -0, විය හැකිය.

එසේම ප‍්‍රවේශය ලබන මාර්ග දෙකක් සහිත ඉඩමක්  එනම් පාරවල් දෙකකට මායිම්ව පිහිටි ඉඩමක් මිලදී ගැනීමට අපි වැඩි නැඹුරුවක් දක්වයි. එම අවස්ථාවල පාරවල් දෙකටම වීදී රේඛා හෝ ගොඩනැගිලි රේඛා තිබිය හැක. එවිට ඔබ මිලදී ගන්නා බිම් ප‍්‍රමාණය කුඩා නම්, දෙපසින් වීධි රේඛා හෝ ගොඩනැගිලි රේඛා බිමි සීමාවද, පිටුපස අවකාශයේ බිම් ප‍්‍රමාණයද ඉඩ අත්හැරී ඔබට නිවස ඉදිකිරීමට ඇති බිම් ප‍්‍රමාණය ඉතා සීමිත වේ. එම නිසා එවන් ඉඩමක් මිලදී ගැනීමේ දී ඔබ වඩා සැලකිලිමත් විය යුතුය.

ඉඩම මිලදී ගැනීමට පෙර මේ ගැන දැනුවත් වීම කොතරම් වැදගත් දැයි ඔබට වැටහෙනු ඇත. අනුමත කරන ලද පිඹුරු සැලසුමේ මෙය දක්වා ඇත. එසේ නොමැති අවස්ථා වලදී ප‍්‍රදේශයේ ප‍්‍රාදේශිය සභාව හෝ නගර සභාව මගින් වීදිරේඛා සහතිකයක් ලබාගැනීමට අමතක නොකරන්න. එමගින් ඔබ වැය කරන මුදලට සාධාරණයක් සිදු වේ.

ඉඩමේ බෑවුම

ඉඩමේ වෑවුම සභික ස්වභාවයක් ගැනද සැලකිල්ලක් දැක්වීම වැදගත් බෑවුම ප‍්‍රයෝජන ගැනීමද හැකියාව ඇත. එසේම එය පිරවීමක් අදහස් කරන්නේ නම් යම් මුදලක් අතිරේකව වැය කිරීමට සිදුවේ. එය ඔබට අනවශ්‍ය වියදමක් වීමට ඉඩ ඇත.

 

භූගත ජල මට්ටම

ගං වතුරට යට වන ප‍්‍රදේශයක් ද, ජල මට්ටම ඉහල අගයක් ඇති ප‍්‍රදේශවල ඉදිකිරීමක් සිදු කිරීමේ දී යම් යම් අපහසුතාවලට මූණදීමට සිදුවේ. පස් තත්වයද දුර්වල විය හැක. ඉහලම ගංවතුර මට්ටම  දැන ගැනීම මගින් නිවස යම් උකස් සහිතව නිර්මාණය කරවා ගැනීමට හැකිවේ.

 

පස

අප ඉදිකරන නිවසේ සිය`ඵ බර දරන්නේ පොළොව නිසා එහි පසේ ස්වභාවය ඉතා වැදගත් වේ. ඉඩම් වල හිඟකම නිසා යම් යම් බෑවුම් ස්වභාවයක් නිසාත් ස්වභාවික පොළොව රහිත පුරවන ලද ඉඩම් ද අපට දැන් දැකගත හැක. වගුරු බිම් ගොඩකරන ලද ඉඩම් ද මෙකල බහුලව පවතී. එවැනි අවස්ථාවක අප ඉදිකිරීමක් කිරීමේ දී ස්වභාවික පොළොව දක්වාම අත්තිවාර දැමීමට සිදුවේ. එසේම වෙල් ආශ්‍රීත ඉඩම් මිලදී ගැනීමට දුන් වැඩි නැඹුරුවක් පවතී.  එම නිසා වගුරු ආශ‍්‍රිත  ඉඩම් වල පස හොඳ තත්වයේ නොමැති බැවින්, අත්තිවාරම් ස`දහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවේ.  එයද අප  අතින් නොදැනුවත්කම  සිදුවන මුදල් හානියකි.

 

උපරිම උස

පාරේ පළල මත ගොඩනැගිල්ලේ උස ගැන මම මූලිකව කථා කලත්, විශේෂිත අවස්ථා වලදී උපරිම යා හැකි උස වෙනස් වේ. ලංකාවේ පවතින ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව අවට ප‍්‍රදේශවල ගොඩනැගිල්ලලක උපරිම උස 27. – 0”, වැනි අගයක් ගත යුතු වේ. එම නිසා  ඒ අවට ප‍්‍රදේශයේ විශේෂිත නීති මාලාවක් ක‍්‍රියාත්මක වේ.

එමෙන්ම  ගුවන් තොටුපලවල අවට (කටුබැද්ද) අපට යා හැකි උපරිම උසක් පවතී. විදුලි රැහැන් අවට හා ය ට තිබෙන ඉඩම්වල අපට ඉදිකිරීම් කල හැකි උසක් පවතී. එම ප‍්‍රමාණය ඒ අදාල ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශ වලින් තීරණය කර ඇත.

දැන් මේ වන ඔබ නොදැන සිටි වැදගත් කරුණු රැසක්ම අනාවරණය විය. ඉඩම මිලදී ගැනීමට පෙර මේ ගැන සැලකිලිමත් වීම මගින් ඔබට ඉදිකිරීමත් කිරීමේ දී සිදුවන අපහසුතා මගහරවා ගත හැක. ඔබට දෙමාපිය උරුමයෙන් හිමි ඉඩමක් වුවද ඔබ නිවස තැනීමේ දී ඉඩම තිබිය යුතු අකාර ගැන යම් අදහසක් දැන් ඇත. ඔබ ඉඩමේ වටිනාකම ගෙවා ඉඩම මිලදී ගත්තා ද ඔබට ඔබේ ඉදිකිරීම සිදු කිරීමට අවසර ලැබෙන්නේපවතින නීති මාලාවට අනුව වේ. එම නිසා ඔබ වැය කරන මුදලට වැඩි වටිනාකමක් ලබාදීමට ඔබේ දැනුවත්වීම ඉතා වැදගත් වේ. ඉඩම තෝරා ගැනීමේ දී ඇති ජෙතික්ෂ කරුණු ගැන මම මේ ලිපියෙන් කථා කිරීමට බලාපොරොත්තු නොවෙමි.

මේ ආකාරයට ඔබ නිවැරදිව තෝරා ගන්නා ලද ඉඩම ඔබ මිලදී ගත් පසුව එය අදාල ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශයේ ඔබේ නමින් අනුමත කර ගත යුතුය. ඒ ස`දහා මිනින්දෝරු මහතාගේ සහය ඇතිව, ඉඩම් අනුමත කරවා ගැනීම් අයදුම් පත‍්‍රය හා අදාල ලිපි ලේඛන ප‍්‍රාදේශිය සභාවට හෝ අදාල නගර සභාවට භාරදීමෙන් පසුව ඉඩම ඔබේ නමින් අනුමත වේ. එවිට එම ඉඩමේ ඉදිකිරීමක් සිදු කිරීමට ඔබට අවසර ලැබේ.

ඒ අනුව ඔබේ නිවස ඉදිකිරීමේ මූලික අධියර සාර්ථික වේ.   


එච්.පී.කවීෂා පෙරේරා
VIHARAA Home Design
0714100836
www.viharaahomes.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *